තුර්කි හිටපු අගමැති ශ්‍රී ලංකාවේ



ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

තුර්කි හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය අහමඩ් දව්ටොග්ලු මහතා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පසුගිය 7 වැනිදා සවස පැවැති මෙම හමුවේදී තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර වත්මන් ද්විපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන මිත්‍රශීලී සබඳතා පිළිබදව අවධානය යොමු කෙරිණි.

ආචාර්ය අහමඩ් දව්ටොග්ලු මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවීමට නියමිතව ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS