තීරු බදු රහිත භාණ්ඩ දීම නිරෝධායනයෙන් පසු



කොරියාවේ සිට පැමිණෙන ශ්‍රී  ලාංකිකයන්ට තීරු බදු රහිත භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව නිරා්ධායන කටයුතුවලින් පසු ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

කොරියාවේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් 10 සිට නිරෝධායන කටයුතු සඳහා ගුවන් තොටුපලේ සිට කෙලින්ම මඩකලපුවේ පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත කැඳවා ගෙන යන බැවින් තීරු බදු රහිත භාණ්ඩ ලබාගැනීමේ අවස්ථාව ඔවුන්ට අහිමිවෙයි.

සාමාන්‍යයෙන් ගුවන් තොටුපලෙන් එළියට පැමිණි පසු එම දීමනාව ලබා ගත නොහැකි නමුත් මෙම පිරිසට නිරෝධායන කටයුතුවලින් පසු එම භාණ්ඩ ලබාගැනීමේ අවස්ථාව ලබා දීමට රජය කටයුතු කරනු ඇති බවත් මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශය අද හෙටම නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අතර කොරියාවේ රැකියා සඳහා ආපසු යාමට බලාපොරොත්තුව ඇතිව මෙරටට පැමිණෙන ශ්‍රමිකයන් පැමිණි වහාම කාර්යංශයට පැමිණ ලියාපදිංචි වියයුතු වුවත්, අද සිට නිරෝධායන කටයුතු සිදුකෙරෙන බැවින් එම ටකයුතු අවසන් වූ පසු දෙසතියක් තුළ පැමිණ ලියාපදිංචි වීම ප්‍රමාණවත් බව ද කාර්යංශය කියයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS