තැපැල් පාර්සල් බාර ගැනීමේ නව ක‍්‍රමවේදයක්



දැනට දිවයිනේ පවත්නා ආරක්ෂක තත්වය පිළිබඳව සැලකිල්ට ගෙන, දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකෙරෙන පාර්සල්, තැපැල් කාර්යාලයේ කවුළු නිලධාරියෙකු හො බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක්,තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස සියළු තැපැල් ස්ථානාධිපතිවරු වෙත දැනුම් දී ඇත.

ඒ අනුව බැහැර සිට ඇසුරුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙස මහජනතාව වෙත තැපැල්පතිවරයා දැනුම් දෙන අතර බැහැර සිට ඇසුරුම් කර රැගෙන එන පාර්සල් භාරගැනීම, කවුළු නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම හෝ විවෘත කර පෙන්වා යළ ඇසුරුම් කරන ලෙස ,මහජනතාව වෙත තැපැල් කාර්යාලයේදී උපදෙස් ලැබිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනය කරයි.

එහෙයින් සිදුවන අපහසුතාවන් වලක්වා ගැනීම සඳහා සියළු පාර්සල්, තැපැල් කාර්යාලය තුලදී ඇසුරුම් බාරදෙන ලෙස මහජානතාව වෙත දැනුම් දෙන බවද පාර්සල් භාර දෙන අය තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යාවශ්‍ය බවද තැපැල්පතිවරයා පවසයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS