ත්‍රස්තවාදයේ කෘරත්වය දැන් විඳින්නේ බටහිර රටවල්



එදා ශ්‍රිලංකාව අත්විඳි ත්‍රස්තවාදයේ කුරිරු බව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය දැන් අත්විඳිමින් සිටින බව අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කර සිටී.

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටියදී විදේශ  අමාත්‍යවරයා වර්ල්ඩ් ඊස් වන් නිව්ස් රූපවාහිනිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි මේ බව කියාසිටියේ.

අමාත්‍ය රවී කරුණානායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ වසර ගණනකට පෙර ත්‍රස්තවාදයේ අමිහිරි බව අපි අත්වින්දා. දැන් ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ත්‍රස්තවාදයේ කුරිරු බව අත්විඳිනවා. සිවිල් යුද්ධයේ දී මානව හිමිකම් කඩවීම පිළිබඳ පරීක්ෂණ පවත්වන්න විදේශීය සහායක් ලබාගන්න අපි සූදානම් නැහැ. ජනාධිපතිතුමා වගේම අගමැතිතුමත් ඒ මතයේ ඉන්නේ. කිසිම විටක අපේ රටේ ස්වෛරීභාවයට හානි කරන්න අපේ රජය සූදානම් නැහැ. නව ව්‍යවස්ථාවක් සෑදීමේ දී ආගම් හා ජාති අතර විවිධත්වය අපි සැලකිල්ලට ගන්නවා. හම්බන්තොට වරාය උපරිම ආර්ථික වාසි ලබාගැනීම සඳහා යෙදවීමේ වැඩකටයුතු ආරම්භ කරල තියෙනවා. ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය විතරක් නෙමෙයි සෙසු රටවලටත් අපි කියන්න කැමතියි ශ්‍රී ලංකාවේ සංවර්ධනයට එකතු වෙන්න කියලා

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS