ත්‍රස්තයන්ට යැවූ වේදනානාශක ඉතාලි පොලිසියේ



ශ්‍රී ලංකාව හරහා ලිබියාවේ සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට යවා තිබූ  ට්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති මිලියන 37ක්  තොගයක් ඉතාලි පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇතැයි  ‘‘ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් ‘‘  පුවත්සේවය වාර්තා කළේය.

ඉන්දියානු ඖෂධ සමාගමක් විසින්  ලිබියාවට යවා තිබූ එම වේදනා නාශක පෙති තොගය මේ වන විට  ඉතාලියානු පොලීසිය බාරයට ගෙන ඇති අතර  එම වේදනා නාශක පෙති වල  වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75ක් බවද එම පුවත් වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම වේදනා නාශක පෙති තොගය සීත කබා සහ හිස ගල්වන ෂැම්පු වරගයක් ලෙසින් ව්‍යජ ලෙසින් සඳහන් කර ඉතාලියේ ජෙනෝවා වරායේ බහාලුම් තුනක සඟවා තිබියදී  ඉතාලි පොලිසීය විසින් සොයා ගෙන තිබේ.

වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා සහ ලිබියාවේ ටොබෘක් සහ මිසරාටා ප්‍රෙද්ශයේ සිටින අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා  මෙම පෙති ගෙන්වා ඇතැයිද පොලීසිය හෙළිදරව් කරගෙන තිබේ.

ඉන්දියාවේ ඖෂධ සමාගමක් විසින් මෙම වේදනා නාශක පෙති තොගය අ.ඩොලර් මිලියන 250,000ට අලෙවි කර ඇති බවත්, ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනකරුවෙකු විසින් මෙම පෙති තොගය ඇනවුම් කර ඇති බවත් අනාවරණයවී ඇත.

ඉන්පසුව ශ්‍රී ලංකාව හරහා මෙම වේදනා නාශක පෙති තොගය ගෙන්ව‍ා ඇති බවත්, ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කර  ඇතැයි  ඉතාලි පොලිස් නිලධාරීන් විසින් හෙළි කර ගෙන ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS