ත්‍රස්ත මර්දනයට තුර්කියේ සහාය



වර්තමානය වනවිට ශ්‍රී ලංකාව සහ තුර්කිය ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පත්ව ඇති බැවින් අතීතයේදී මෙන්ම ඉදිරියේදීත් රටවල් දෙක එකමුතුව සහ සහයෝගීත්වයෙන් කටයුතු කරන බව මෙරට තුර්කි තානාපති කාර්යාලය නිවේදනයක් නිකු-ත් කරමින් සඳහන් කරයි. 

ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ සෑම මූලිකාංගයක්ම එරෙහිව සටන් කිරීම සඳහා සහයෝගීත්වයෙන් සහ සාමූහිකව සටන් කළ යුතු බව පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් නැවත වරක් පෙන්වා දී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී තුර්කිය සහ ශ්‍රී ලංකාව අතීතයේදී සහයෝගීත්වයෙන් කටයුතු කළ බවත් විශේෂයෙන්ම ‘ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය (ෆෙටෝ)’ සංවිධානයට එරෙහිව සටන් කිරීමේදී තුර්කිය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද එහි සඳහන් වේ.

ෆෙටෝ සංවිධානය 2016 ජූලි 15 වැනිදා තුර්කිය තුළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු කළත් එය අසාර්ථක වූ බව කියන කොළඹ තුර්කි තානාපති කාර්යාලය අධ්‍යාපන සහ පුණ්‍ය සංවිධනායක් ලෙස ආරම්භ වූ එම සංවිධානය රටවල් රැසකට ව්‍යාප්ත වූ බව ද එම නිවේදනයේ දැක්වේ. 

වසර 2013 දී ෆෙටෝ සංවිධානයේ සැබෑ අරමුණු හෙළි වූ බවත් ඒ අනුව තුර්කි රජය එම සංවිධානය සහ එහි සියලු ක්‍රියාකාරකම් තහනම් කළ බවත් කොළඹ තුර්කි තානාපති කාර්යාලය පවසයි. 

රටවල් රැසක් 2016 වසරේ සිදු වූ කුමන්ත්‍රණයෙන් පසු රටවල් රැසක් ෆෙටෝ සංවිධානය තහනම් කළ බවත් එම සංවිධානයේ අධ්‍යාපනය සහ ව්‍යාපාරික කටයුතු රැසක් තහනම් කර එම රටවල සිටි ෆෙටෝ සංවිධානයේ සාමාජිකයන් පිටුවහල් කර තිබේ. 

පසුගිය වසර හතරක කාලයේදී තුර්කි තානාපති කාර්යාලය ෆෙටෝ සංවිධානයේ සහ ඊට සම්බන්ධ සාමාජිකයන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා රජයට ලබාදුන් බවත් එම සංවිධානයට අයත් හා සම්බන්ධ පාසල් සහ ව්‍යාපාරික ස්ථාන තහනම් කරන්නැයි ද ඔවුන්ගේ කාර්යමණ්ඩල ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන්නැයි ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවත් කොළඹ තුර්කි තානාපති කාර්යාලය තවදුරටත් පවසයි. 


RECOMMEND POSTS