තමිල්නාඩු කඳවුරේ දැරියට අතවර



තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටින හය හැවිරිදි ලාංකික දැරියකට ලිංගික බලහත්කාරකම් සිදු කිරීමේ තැත් කිරීමේ චෝදනාවකට එම කඳවුරේ සිටි තවත් ලාංකිකයෙකුට එරෙහිව ඉන්දීය අධිකරණය විසින්  වසර තුනක සිර දඬුවම් පමුණුවා ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දඬුවමට අමතරව ඉන්දීය රුපියල් දහසක දඩයක්ද ගෙවන ලෙසද ඉන්දීය අධිකරණය එම චූදිත ලාංකිකයාට නියම කර ඇත.
මෙලෙස සිර දඬුවම් නියම වූයේ අසූ පස් හැවිරිදි ලාංකිකයෙකුට එරෙහිවය.මොහු තමිල්නාඩුවේ පුදුපට්ටි ප‍්‍රදේශයේ  පිහිටි සරණාගත කඳවුරක දීර්ඝ කාලයක සිට පදිංචිකරුවෙකු වේ.

දැරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනා යටතේ තමිල්නාඩු පොලීසිය විසින් පුදුපට්ටි මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මෙම ලාංකිකයාට එරෙහිව නඩු පවරා තිබූ අතර එම නඩු විභාගය අවසන් කරමින් ඔහුට එරෙහිව මෙම දඬුවම පනවා ඇතැයි ද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

2015 වසරේදී අදාළ සරණාගත කඳවුරේ පදිංචිව සිටියදී චූදිත ලාංකිකයා විසින් ඒ අසල සෙල්ලම් කරමින් සිටි එම සය හැවිරිදි දැරියට ලිංගික බලහත්කාරකම් කිරීමට තැත් කර ඇත.ඒ සම්බන්ධයෙන් කුඩා දැරියගේ දෙමව්පියන් විසින් තමිල්නාඩු පොලීසිය කළ පැමිණිල්ලකින් පසුව චූදිත ලාංකිකයා අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබීය.

 

( තිළිණි ද සිල්වා )

 

 


RECOMMEND POSTS