ඩොලර් මිලියන 39 ක ආධාර



විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 39ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය දා නිවේදනය කළේය.

මෙම ආධාර ලබා දීම සඳහා එරට කොංග්‍රස් සභාවේ අනුමැතිය ලැබීමට නියමිත යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

එසේම ලබා දෙන ආධාර බෙංගාල බොක්ක ආශ්‍රිත ආරක්ෂාව සඳහා වූ ක්‍රියාකාරකම් , මානුෂීය සේවා සැලසීම සහ ආපදා සහන සැලසීම යන ක්ෂේත්‍රයන් සඳහා යොදා ගන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද ඇමෙරිකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම ආධාර මුදල් ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් 07 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හීදර් නොයෙට් ද අදහස් දක්වා ඇති ඇතර  එහිදී ඇය පවසා ඇත්තේ ඇමෙරිකා රාජ්‍ය ලේක්ම්වරයා විසින් ඉන්දුනීසියාව ,මැලේසියාව හා සිංගප්පූරුව යන රටවල සිදු කළ ගිණිකොන දිග ආසියා සංචාරයේදී ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 300 ක් වෙන් කර තිබෙන බවට ප්‍රකාශ කළ බවය.

එම අරමුදල් සැපයීම මඟින් බංග්ලාදේශ්‍ය ,ඉන්දුනීිසියා ව ,මෙනේගෝලියාව ,නේපාලය , පැසිෆික් දූපත් , පිලිපීනය , ශ්‍රී ලංකාව , වියට්නාමය සහ අනෙක් රටවල් සමඟ පවත්වා ගෙන යන ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාමාර්ග සඳහා වෙන් කෙරෙන බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව සඳහන් කළාය.

ඒ යටතේ සමුද්‍රීය ආරක්ෂණ තේමාව යටතේ ඉන්දීය සාගරය හා නැගෙනහිර ආසියාව හා සම්බන්ධ කරන්නාවූ වැදගත් මුහුදු මාර්ග වැටී තිබෙන ඉන්දීය සාගර කලාපයේ ජනතාවගේ සහ හමුදා ධාරීතාවයක් වැඩි කිරීමටද අපේක්ෂා කෙරෙන බව හීදර් නොයෙට් ප්‍රකාශ  කළාය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS