ඩුබායි සිටි ලාංකිකයින් 298 ක් යළි දිවයිනට



කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 289 දෙනෙකු අද (18) දිවයිනට පැමිණියහ.

මෙම ගුවන් මගීන් පිරිස අද (18) දින අලුයම 5.35 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් , ගුවන් තොටුපළ තුතුළදීම පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS