ඩ්‍රෝන ප්‍රහාර ශ්‍රී ලංකාව හෙලා දකී



සෞදි අරාබියේ අබ්කායික් තෙල් පිරිසැකසුම් මධ්‍යස්ථානය සහ කුරයිස් තෙල් ආකර බිම ඉලක්ක කර ගත් ඩ්‍රෝන ප්‍රහාරයන් ශ්‍රී ලංකාව හෙළා දැක අැත.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රටක් ලෙස, ශ්‍රී ලංකාව මෙම උවඳුරේ සියලුම ආකාර හා එහි විද්‍යමානවීම් මැඬපැවැත්වීම සඳහා ඇප කැපවී කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
 
මැදපෙරදිග කලාපයේ ස්ථායීතාවය, ගෝලීය ආර්ථිකය සඳහා අතිශයින් වැදගත් වන අතර, අදාළ පාර්ශ්ව තම ගැටළු සාමකාමී සාකච්ඡා හා සංවාද තුළින් හැකි ඉක්මනින් විසඳාගනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශ පවසයි


RECOMMEND POSTS