ජාත්‍යන්තරයට උපරිම සේවාවක් දෙන්න පුළුවන්



හුදකලා නොවී ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීම මඟින් ජාත්‍යන්තරයට උපරිම සේවාවක්  ලබා දීමට ශ්‍රී ලංකාවට හැකිවන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ  විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටී.

ආර්යසිංහ මහතා මේ බව කියා සිටියේ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස සහ ජිනීවා නිරායුධකරණ සමුළු සභාපති ධූරයේ වැඩ අවසන් කරමින් ඉකුත්දා පැවති උත්සවයකදී බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහන් කර සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටියේ විශේෂයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාව මධ්‍යයේ කේන්ද්‍රගතව ඔවුන් මෙහෙයවීම හරහා ලංකාවට ජාත්‍යන්තරය වෙත දායකත්වයක් ලබා දිය හැකි බවය.

සිය අවසන් දේශනය මඟින් දශක ගණනාවක් තිස්සේ නිරායුධකරණ ක්ෂේත‍්‍රයේ ශ්‍රී ලංකාව සිදු කළ මෙහෙවරද සිහිපත් කළ අතරම පසුගියදා අවස්න වූ නිරායුධකරණ සමුළු සභාපතිත්වය හරහා නැවත වරක් අර්ථවත් දායකත්වයක් ලබා දීමට හැකි වූ බවද  හෙතෙම පෙන්වා දුන්නේය.

නිරායුධකරණ සමුළුවේ  ඉහළපෙළේ සැසිය ඇමතූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා නිරායුධකරණ සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමින් පෙන්වා දී ඇත්තේ දශක දෙකකට පසු නිරායුධකරණ සමුළුව වැදගත් හා ගැඹුරු කරුණු නැවතත් සාකච්ඡුා කිරීම සඳහා කමිටු පහක් පත් කිරීම ඒක ඡුන්දයෙන් සම්මත වීම වැදගත්ම තීරණයක් යැයි කියා සිටියේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS