ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසි



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ යම්කිසි එකඟතාවයකට පැමිණෙනෙන්නේ නම් එය කොන්දේසි තුනක් යටතේ සිදුවිය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ සම්බන්ධතා පිළිබඳ සෙනට් කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, දූෂණ මැඬලීම සඳහා ශක්තිමත් පියවර ගැනීම සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය ආදිය එම කොන්දේසි වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජූනි මස 30 වැනිදා නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුව මේ බව සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රී ලංකාව සමඟ යම්කිසි එකඟතාවයක් ඇති කරගන්නේ නම් ඉහත කොන්දේසි සම්පූර්ණ විය යුතු බව ද එම කමිටුව කියයි.

මෙම ඉතා වැදගත් සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකළහොත් දුර්වල ආර්ථික කළමනාකරණයෙන් සහ පාලනය කරගත නොහැකි ණයවලින් ශ්‍රී ලංකාව තවදුරටත් පීඩාවට පත්වනු ඇතැයි එම කමිටුව තවදුරටත් සඳහන් කරයි.


RECOMMEND POSTS