ජනපති ඉරානයේ



දෙදින ඉරාන සංචාරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරානයට ගොස් ඇත.

ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුමකට අනුව එරටට ගිය ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදි ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ  සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම මෙරටෙහි ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා හා ඉරාන ජනාධිපතිවරයා අතර නිල හමුව අද (13)  සිදුවන අතර දෙරටේ ආර්ථික සහ වෙලෙඳ සබඳතා වර්ධනය කෙරෙන නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමටද නියමිතය.

ඉරාන වාණිජ මණ්ඩලය සංවිධානය කෙරෙන විශේෂ ආයෝජන සහ ව්‍යාපාරික සමුළුවකටද ජනාධිපතිවරයා සහභාගී වන අතර ඉරාන පාර්ලිමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමටද නියමිතය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS