ජනපති ආපසු එයි



දෙදින ඉරාන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) අලුයම දිවයිනට පැමිණ තිබේ.

අද අලුයම 1.45ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්- 668 (Q.R.-668) දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණියේය.

දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දී ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා ඇතුළු එරට රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ලැබීය.

මෙහිදී දෙරට අතර ගිවිසුම් 05කට අත්සන් තැබීම ද සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

‍( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS