චෙන්නායි නුවරදී ශ්‍රී ලාංකිකයෙක් අතුරුදන්



ශ්‍රී ලාංකික තරුණයෙකු ඉන්දියාවේ චෙන්නායි නුවරදී අතුරුදන්ව ඇතැයි එරට පළවන ඩෙකෑන් ක්‍රොනිකල් වෙබ් අඩවිය වාර්තා කළේය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 26 හැවිරිදි වියේ පසුවන ලාංකික තරුණයෙකි.මොහු ඉකුත් ජූලි මාසයේ සිට ආගිය අතක් නැතැයිද එම වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාල තරුණයා ශ්‍රී ලංකාවේ සිට බැංගලෝර් ගුවන් තොටුපලට ගොස් ඇති අතර පසුව සිය ඥාතීන් පිරිසක් මුණ ගැසීම සඳහා චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත් චෙන්නායි ගුවන් තොටුපලට ලඟා වූ තම පුත්‍රයා එම ඥාතී නිවසට පැමිණ නොමැති බවට ඔහුගේ මවට අනාවරණය වී ඇති අතර ඒ අනුව ඇය විසින් චෙන්නායි ගුවන් තොටුපල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වේ.

අතුරුදන් වූ තරුණයා සොයා චෙන්නායි ගුවන් තොටුපල පොලිසිය ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී.)  දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ඩෙකෑන් ක්‍රොනිකල් වාර්තාවේ වැඩිදුරටත්  සඳහන්ව ඇත.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS