චීන - ඇමෙරිකා තානාපතිවරුන් හමුවෙලා



මෙරට සිටින චීන සහ ඇමෙරිකා තානාපතිවරුන් දෙපළ නව රජයේ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාව වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කර සිටී.

ඒ අනුව චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති හූ වෙයි මහතා  විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත.

මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ද විදේශ සබඳතා අමාත්‍යවරයා හමුවූ අතර ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS