ගෘහ සේවිකාවට බලපෑම්



සිය හාම්පුතාට බද්ධ කිරීම සඳහා වකුගඩුවක් ලබා දෙන්නැයි බලකරමින් ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක් දැඩි පීඩනයට ලක් කිරීමේ සිද්ධියක් පිළිබඳව සෞදියෙන් වාර්තා වේ.

තම වකුගඩුව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කිසිවක් කරකියා ගත නොහැකි අසරණ වී සිටින්නේ ඉන්ද්‍ර කාන්ති නැමැති ලාංකික කාන්තාවකි.ඇය දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බැව් සඳහන්ය.

එම රැකියාව සඳහා එරටට ගොස් සිට ඇයගේ වීසා බලපත් කාලයද මේ වන විට කල් ඉකුත්ව ඇතැයි ද සෞදි තානාපති ආරංචි මාර්ග කියා සිටී.

36 හැවිරිදි තිදරු මවක් වන ඇය 2015 මාර්තු මස 14 වැනිදා සෞදියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබේ.

හාම්පුතු විසින් අදාළ කාන්තාවට යළි දිවයිනට පැමිණීමට ඉඩ ලබා නොදීම  සම්බන්ධයෙන් එම කාන්තාවගේ පවුලේ ඥාතීන් විසින් මේවනවිටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සෞදියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතාගේ මැදිහත්වීමෙන් මෙම ලාංකික කාන්තාව කඩිනමින් මුදාගැනීමට පියවර ගනිමින් සිටින බව සෞදි ආරංචි මාර්ග කියා සිටී.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS