ගණිකා නිවාස පවත්වා ගෙන ගිය දෙදෙනෙක් කොටුවෙති



කුවේට් හි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය  ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ්ස් ටයිම්ස් පුවත්සේවය ඊයේ (15) වාර්තා කළේය.

මෙලෙස කුවේට් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට සේවය සඳහා ගිය ලාංකික කාන්තාවක් හා  පිරිමි පුද්ගලයෙකුය.

කුවේටයේ ෆර්වනියා හි පෞද්ගලික ආරක්ෂක සේවා නිලධාරීන් පිරිසක් විසින් කුවේට් පොලීසියට ලබාදුන් ඔත්තුවක් මත ලාංකිකයින් දෙදෙනා පවත්වා ගෙන ගිය මෙම ගණිකා නිවාසය වටලා ඇතැයි එම පුවත් සේවා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එරට කයිතාන් ප්‍රදේශයේ ඇති මහල් නිවසක පවත්වාගෙන ගිය මෙම ගණිකා ව්‍යාපාරය පවත්වා ගෙන යන  අතර මෙම ස්ථානය මීට පෙර සැකකාර පිරිමි පුද්ලගලයා නතර වී සිටි ස්ථානය වු බව එරට පොලීසිය විසින් හෙළිදරව් කර ගෙන ඇත.

මෙම ගණිකා නිවාසට ගනුදෙනුකරුවන් රැගෙන එන්නේ සැකකාර පුද්ගලයා විසින්බවද පොලීසිය සඳහන් කර සිටී.

කුවේට් පොලීසිය විසින් මෙම නිවස වැටලූ අවස්ථාවේදී සැකකාර ලාංකිකයින් දෙදෙනාම එම ගණිකා නිවාසය තුළ සිට ඇති අතර  අත්අඩංගුවට ගත් පසු සැකකරුවන් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ එක් ගනුදෙනුකරුවකුගෙන් කුවේට් ඩිනාර් 5ක් අය කළ බවය.

පසුගිය මාස 3ක සිට මෙම ව්‍යාපාරයට සම්බන්ධ වූ බව සැකකාර පිරිමි පුද්ගලයා කුවේට් පොලිස් බලධාරීන් හමුවේ පවසා ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS