කොරියානු භාෂා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම හෙටින් අවසන්



කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් කිරීම හෙට (17* සවස 4 දක්වා පමණක් සිදුකෙරෙන බව ශී‍්‍ර ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය කියයි.

අයදුම්පත් නිකුත් කිරීම මාර්තු මස 14 දින ආරම්භ කළ අතර එය මාර්තු 17  දක්වා දින 04 තුලදී දිවයින පුරා පිහිටි කාර්යාංශයේ පළාත් කාර්යාල, දිස්ති‍්‍රක් පුහුණු මධ්‍යස්ථානවලදී සිදුකෙරේ. මෙම අයදුම්පත් කොරියාවේ නිෂ්පාදන හා ධීවර රැුකියා සඳහා පමණක් නිකුත් කෙරෙනු ඇත.

අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වව්නියාව යන කාර්යාංශයේ පළාත් කාර්යාල හා මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය, තංගල්ල, යන කාර්යාංශ පුහුණු මධ්‍යස්ථානවලදී සහ කටුණායක සහන පියස මධ්‍යස්ථානය හා අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේදී අයදුම්පත් නිකුත් කෙරේ.  

පළමු දිනයේ පමණක් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 ම`ගින් අයදුම්පත් 5660ක් නිකුත් කර තිබේ. ඉන් වැඩිම අයදුම්පත් ප‍්‍රමාණයක් නිකුත් කර ඇත්තේ තංගල්ල විගමණික සම්පත් මධ්‍යස්ථානයෙන් වන අතර එම ප‍්‍රමාණය 965කි. අතුරුගිරිය මධ්‍යස්ථානයෙන් අයදුම්පත් 693ක් නිකුත් කර ඇත.  

මෙම විභාගයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 18ත් 39ත් අතර අය (1977 මාර්තු 15 සිට 1999 මාර්තු 14 දක්වා උපන් අය) විය යුතුය. සිර ද`ඩුවම් නොලද අය විය යුතු අතර කොරියානු රජයෙන් ආපසු හරවා එවු හෝ නෙරපූවන් නොවිය යුතුය.

වර්ණ අන්ධ හෝ වර්ණ දුර්වලකම් නැති අය විය යුතු අතර, කොඳු ඇට පෙලේ ආබාධයක් හෝ ඇ`ගිලි ආබාධ ඇති අයට මෙම විභාගයට පෙනී සිටිය නොහැක. මෙම විභාගය අපේ‍්‍රල් මස ආරම්භ වීමට නියමිතය. වැඩිදුර තොරතුරු සඳහා කාර්යාංශයේ අඅඅගිකඉෙැගකන යන වෙබ් අඩවිය පරිශීලනය කරන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇගයුම් මත ලකුණු ලබා දීමේ ක‍්‍රමවේදය මත පවත්වන මෙම විභාගය ම`ගින් අපේක්ෂකයින් සතු කොරියානු භාෂා හැකියාව සහ කුසලතාවය, කායික තත්වය සහ වැඩ අත්දැකීම් පිලිබදව සොයා බලනු ලැබේ. අදාළ කර්මාන්ත සදහා රැකියා අපේක්ෂකයින් තෝරා ගනු ලබන්නේ ඔවුන් ලබා ගන්නා ඉහළ ලකුණු මට්ටම් අනුවයි. පලමු වටය සමත් වීම සදහා අපේක්ෂකයින් විසින්  අවම ලකුණු මට්ටමට වඩා ඉහලින් සිටිය යුතුය. නිශ්පාදන සදහා අවම ලකුණු මට්ටම 40% ක් සහ ධීවර රැුකියා සදහා අවම ලකුණු මට්ටම සියයට 36ක් වේ. දෙවන වටයේදී කුසලතා පරීක්ෂණයට හා නිපුණතා පරීක්ෂණයට අවස්ථාව ලැබේ. එම පරීක්ෂණවලදී ලබා ගන්නා ලකූණු වල එකතුවෙන් ඉහළම ලකුණු ලබා ගන්නා අය මෙම ලකුණුු මත ඇගයුම් ක‍්‍රමවේදය මගින් තෝරා ගනු ලැබේ.

2016 වර්ෂයේ ධීවර අංශයේ රැකියා සදහා 2163 ක්ද, නිශ්පාධන අංශයේ රැකියා සදහා 4330 ක් ද, ඉදිකිරීම් අංශයේ රැුකියා ස`දහා 118 ක්ද, කෘෂිකාර්මික අංශයේ රැකියා සදහා 6ක්ද, වගා ක්ෂේත‍්‍රයේ රැකියා සදහා 6ක් ද, ධීවර කර්මාන්තය ස`දහා 5ක් ද, යන්ත්‍රෝපකරණ නිශ්පාධන සදහා 1 අයෙක්ද දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගොස් තිබේ. මේ වන විට දකුණු කොරියාවේ දළ වශයෙන් 35,000 කට ආසන්න ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් ප‍්‍රමාණයක් සේවය කරයි.

 

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS