කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් 22,905 ක්.



මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට අයදුම්පත් 22,905 ක් ලැබී ඇතැයි  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

අයදුම්පත් භාරගැනිම පසුගිය මාර්තු මස 14, 15, 16, 17  දක්වා දිවයිනේ මධ්‍යස්ථාන 19 ක දී සිදුකරන ලද අතර වැඩිම අයදුම්පත්‍ර ප්‍රමාණයක් වන 3388 ක ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කාර්යාංශයේ තංගල්ල විගමණික සම්පත් පුහුණු මධ්‍යස්ථානයෙනි.

එසේම යාපනය දිස්ත්‍රීක්කයේ ජනතාව අතර කොරියානු රැකියා සඳහා ඇති උනන්දුව අවම බව යාපනය මධ්‍යස්ථානයෙනේ අයදුම්පත් 05 ක් පමණක් නිකුත් කිරීමෙන් පෙනී යන්නේ යැයි කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීට අමතරව ගාල්ල මධ්‍යස්ථානයෙන් අයදුම්පත්  3102 ක්ද, අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරණ ආයතනයෙන් 2917ක්ද, රත්නපුර මධ්‍යස්ථානයෙන් 2403 ක්ද, මහනුවර මධ්‍යස්ථානයෙන් අයදුම්පත්  2107 ක්ද නිකුත් කර ඇත. 2016 වර්ෂයේ අයදුම්පත්‍ර 26139 ක් නිකුත් කෙරිණි.

ඇගයුම් මත ලකුණු ලබා දීමේ ක්‍රමවේදය මත පවත්වන මෙම විභාගය පැවැත්වෙන ස්ථාන හා වේලාවන් දැනුම්දීම පසුව සිදු කෙරේ.

මෙවර විභාගය පවත්වනු ලබන්නේ නිෂ්පාදන හා ධීවර අංශයේ රැකියා සදහා  පමණි.

 භාෂා ප්‍රවීණතා විභාගය අප්‍රේල් මස අග භාගයේ දී පැවැත්වෙන අතර එම දිනය අප්‍රේල් 20 වැනිදා නිවේදනය කෙරනෙු ඇත. එම විභාගය පරිපාලනය කරනු ලබන්නේ කොරියානු  මානව සම්පත් සංවර්ධන ආයතනයයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහායෙන් විභාගය පැවැත්වේ.

රැකියා සඳහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ධීවර අංශවල පවතින පුරප්පාඩු මත බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් කාර්යාංශය අවධාරණය කරයි- මේ වන විට ශ්‍රී ලාංකිකයින් 30,000 ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වේ.

විනීතා එම් ගමගේ

 

 


RECOMMEND POSTS