කොන්සියුලර් අංශයත් සේවා නවත්වයි



මහජනතාව එක් රැස්වීම මඟින් ජනතාව සහ කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය (COVID-19) පැතිරීමේ අවදානමට ලක් විය හැකි බැවින්, මහජනතාවගේ එක් රැස්වීම සීමා කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දැක්වීම වෙනුවෙන් අද සිට (17) සිට අනිද්දා (20)දක්වා අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් නතර කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 
 
ඒ අනුව, කොළඹ කොටුවේපසෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය සාමාන්‍ය සේවාවන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එහි පැමිණෙන්නන් සඳහා අද දින සිට 20 වන දින දක්වා ඉදිරි දින හතර තුළ වසා තබන අතර, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මරණ සම්බන්ධ සිද්ධි සහ මරණයන්ට අදාළ ලේඛන සඳහා සහාය ලබා දීමට අදාළ විමසීම් පමණක් පූර්ව අයදුම් කිරීමක් මඟින් වේලාව වෙන් කර ගැනීම මත පදනම්ව භාර ගනු ලබන බව එම අමාත්‍යාංශය කියා සිටී.
 
පහත සඳහන් හදිසි දුරකතන ඇමතුම් අංක මඟින් සේවා ලබා ගැනීම සඳහා පූර්ව වෙන් කර ගැනීම් සිදු කර ගත හැකිය.එම දුරකතන: +94 (011) 2335942
 
( තිළිණි ද සිල්වා )

RECOMMEND POSTS