කුවේට් හි සේවය කළ ශ්‍රී ලාංකික කතුන් දෙදෙනෙක් පිටුවහල් කෙරේ



කුවේට් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් අට දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට එරට රජය තිරණය කර ඇතැයි කුවේට් මාධ්‍ය වාර්තා කර ඇත.

කුවේට් පොලිසිය වෙත ලැබුණු පැමිණීලි කිහිපයක් විමර්ශනය කිරීමෙන් පසු මෙම කාන්තාවන් අටදෙනා එරටින් පිටුවහල් කිරීමට කටයුතු යොදා ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි. 

අදාළ කාන්තාවන්ට පැවැරී ඇති රාජකාරිි නිසි ලෙස ඉටු නොකරන බවට ඔවුන් සේවය කළ නිවෙස්වල හාම්පුතුන් විසින් කරන ලද පැමැණිලි එරට පොලිසිය විසින් විමර්ශනය කොට ඇති අතර ඒවා තහවුරු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. 

පිටුවහල් කිරීමට නියමිත අනෙක් හය දෙනා පිලිපීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු හා ඉතියෝපියානු කාන්තාවන් හතර දෙනෙකි.

 

  විනීතා එම් ගමගේ


RECOMMEND POSTS