කිරි සැකසුම් මධ්‍යස්ථාන 06 කට ප්‍රංශයේ අනුග්‍රහය



කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික සංවර්ධන,පශු සම්පත්,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ්‍ය මඟින් දේශීය දියරකිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, ප්‍රංශ ජනරජයේ ණය ආධාර මත කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන 06 ක් සංවර්ධන කිරීම සඳහා වු ගිවිසුම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික සංවර්ධන,පශු සම්පත්,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ්‍ය ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍රසහ ප්‍රංශ ජනරජය වෙනුවෙන් බොකාර්ඩ් ආයතනයේ ව්‍යාපාර අංශ ප්‍රධානි (ආහාර හා බීම වර්ග) පිලිප් මාරි අතර අද දින කෘෂිකර්ම අමාත්‍යාංශයදී අත්සන් කෙරිනි.

මේ යටතේ අමාත්‍යාංශ නිලධාරින් සහ ප්‍රංශ ජනරජයේ විශේෂඥයන් එක්ව පහත සඳහන් කුඩා පරිමාණ කිරි සැකසුම් මධ්‍යස්ථාන 06 ක් තෝරාගන්නා ලදී.

  • කඩුවෙල හේවාගම් කෝරළයේ (බටහිර) විවිධි සේවා සමූපකාර සමිතිය
  • අත්තනගල්ල කිරි සැකසුම්කරුවන්ගේ සමූපකාර සමිතිය
  • පොළොන්නරුව දිස්ත්‍රික් කිරි නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය
  • මඩකළපුව එළුවාන් කෘෂි නිපැයුම් සංවිධානය
  • වාරියපොල කුඩා පරිමාණ කිරි පට්ටි සංවර්ධන පදනම
  • වෙන්නප්පුව සක්සීඩ් අන්තර්ජාතික පුද්ගලික සමාගම

මෙම කිරි සැකසුම් මධ්‍යස්ථාන මඟින් අගය එකතු කළ කිරි නිෂ්පාදනය කර අදාල ප්‍රදේශ වල දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමත් , ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ පෝෂණ මටට්ම ඉහළ නැංවීමත්, එමඟින් ජාතික කිරි කර්මාන්තය ප්‍රචලිත කිරීමත් මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වේ. තවද, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු පාසල් ළමුන් සඳහා දියර කිරි ලබාදීමේ  වැඩසටහන මෙම ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ කර ගනිමින් පාසල් දරුවන්ට පහසුවෙන් දියර කිරි ලබා දීමටත්, සැකසූ කිරි සඳහා වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම සපුරාලීමත් මෙහි තවත් අරමුණුඅතර වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ එක් ප්‍රතිලාභියෙකු සදහාරුපියල් මිලියන 300 ක් වටිනා කිරි සැකසුම් යන්ත්‍ර ලබා දීමට නියමිත අතර, එම මුදල වසර 05 ක සහන කාලයකට යටත්ව 50% පමණක් වාරික මගින්ප්‍රතිලාභියගෙන් අයකර ගැනීමටත් ඉතිරි 50% කමුදල රජය මගින් ණය ලබා ගන්නා බැංකුව වෙත ගෙවීමටත් නියමිතය.


RECOMMEND POSTS