කටාර්හි මත්ද්‍රව්‍ය විකිණූ ශ‍්‍රී ලාංකිකයෙකුට වසර දහයක සිර දඩුවමක්



කටාර් හි මත්ද්‍රව්‍ය විකිණූ ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයෙකු එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි කටාර් පුවත් සේවා වාර්තා කර තිබේ.

වෙස් වලාගත් පොලිස් නිලධාරියෙකුට කටාර් රියාල් 1500 ක මුදලකට ගංජා විකිණීමට තැත් කිරීමේ දී සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකව තිබූ මත්ද්‍රව්‍ය තොගයක් හා මුදල් රාජසන්තක කොට ඇති බවද එම මාධ්‍ය අනාවරණය  කර තිබේ.

මත්ද්‍රව්‍ය විකිණීමේ චෝදනාවට වරදකරු වූ එම ශ්‍රී ලාංකිකයාට වසර දහයක සිිර ද`ඩුවමක් නියම කොට ඇති අතර කටාර් රියාල් විසි ලක්ෂයක සිර ද`ඩුවමක් ද නියම කර ඇත. එකී සිර ද`ඩුවමින් පසු හෙතෙම පිටුවහල් කිරීමටද අධිකරණය නියෝග කර ඇතැයි එම පුවත් සේවා අනාවරණය කරයි.   

 

 විනීතා එම් ගමගේ
    


RECOMMEND POSTS