කටාර් දූත පිරිසක් ඇවිල්ලා



මේ දිනවල මෙරට සංචාරයක නිරතවන කටාර් රාජ්‍යයේ විශේෂ දූත පිරිසක් විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (6) හමුවී සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දී මෙම හමුව සිදුවූ අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා දීම පිළිබඳව එහි දී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාව මේ වනවිට සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින බව එහි දී පැවසූ දූත පිරිස ඒ පිළිබඳව ප්‍රසංශාව ද පළ කළහ. කටාර් හි කම්කරු කටයුතු පිළිබඳ ලේකම්වරයාගේ සහකාර මොහමඞ් හසන් අල් ඔබෙයිඞ්ලි මහතා අමාත්‍යවරයා හමුවූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.

සැලේෂ් අබ්දුල් හාඩි අල් ෂවි අල් මාර්, අබ්දුල්ලා අල් සිද්දික් සහ සඊඞ් අමාන් අල් හත්මි යන දූත පිරිසේ අනෙක් සාමාජිකයෝ ද ඡායාරූපයේ සිටිති.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS