කටාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට ප්‍රකට ව්‍යාපාරිකයෙක් ?



මාසයකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති කටාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු රජය විසින් පත් කිරීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි.

මේවන විට කටාර් රාජ්‍යයේ  ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 50000කට වැඩි පිරිසක් ජීවත් වෙන අතර කටාරය සමඟ තානාපති සබඳතා වෙනුවෙන් නව තානාපතිවරයෙකු කඩිනමින් පත් කිරීමේ අවශ්‍යතාවය සලකමින් මෙම ව්‍යපාරිකායා පත් කිරීමට තීරණය කර ඇතැයි ද පැවසේ

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රෙය් ව්‍යාපරිකයෙකු වන මොහු  පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි අන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයකටම සම්බන්ධ වූවකි.

මීට පෙර කටාරයේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ  කටයුතු කළ මහාචාර්ය ඩබ්. එම් කරුණාදාස මහතා මාසයකට පෙර එම යළි දිවයිනට කැඳවූ අතර එමඟින් පුරප්පාඩු වූ මෙම ධූරයට මෙම ප්‍රකට ව්‍යාපාරිකයා පත් කිරීමට රජය විසින් තීන්දු කර ඇතැයි පැවසේ.
කටාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි  මහාචාර්ය ඩබ්. එම් කරුණාදාස මහතා ගේ ගේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් කටාර්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පත්ව ඇති අපහසුතාවයට සම්බන්ධයෙන් කරුණු හෙලිවීමෙන් අනතුරුව ඔහුව නැවත දිවයිනට කැදවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය  තීරණය කළේය.

අදාළ තානාපතිවරයාට මීට පෙර විවිධ අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය අවස්ථා කිහිපයකදීම  දැනුම්දීම් සිදුකළද ඔහු දිගින් දිගටම නිසි පරිදි ක්‍රියා නොකරන නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහු යළි දිවයිනට ගෙන්වා ගැණුනි.

කටාරය සඳහා නව තානාපතිවරයෙකු පත් කරන්නේද යන්න පිළිබබඳ විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවියගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඇය සඳහන් ක‍ළේ  එවැනි පත් කිරීමක් ගැන කිසිවක් සඳහන් කළ නොහැකි බවත් ,තානාපතිවරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් ගන්නා තීන්දුවක් බව කියා සිටියාය.

 

තිළිණි ද සිල්වා 

 


RECOMMEND POSTS