කජු සැපයූ ඩුබායි සමාගම වෙනස් කරයි



ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කජු සපයන ඩුබායි සැපයුම්කරු වෙනස් කිරිමට එම සමාගම තීරණය කර තිබේ.

පසු ගිය දා නේපාලයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණෙන අවස්ථාවකදී ආහාරයට ගත නොහැකි කජු තමාට පිළිගැන්වූ බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගම චෝදනා කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් තම සමාගම මෙම තීරණයට එළඹුන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු අද දෙරණට පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙතෙක් කල් කජු සපයා ඇත්තේ ඩුබායි සැපයුම්කරුවෙකු විසිනි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS