ඕස්ටේ‍්‍රලියාවෙන් නිවේදනයක්



ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වයන් සාමකාමීව විසඳා ගැනීමට  ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වයන් වැළකී සිටීමට සියලූ පාර්ශ්වයන් දිරිගැන්විය යුතු බවත් , පාර්ලිමේන්තුව හරහා ශ්‍රී  ලංකාවේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිමතයට ගරු කරන්නැයි  ඕස්ටේ‍්‍රලියාලියාව ඊයේ (31) ශ්‍රී  ලංකාවෙන් ඉල්ලා සිටී.

ඕස්ටේ‍්‍රලියානු රජය වෙනුවෙන් එරට විදේශ ඇමතිනී මාරිස් පේන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප‍්‍රකාශ කර ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.

රටේ ඇති වී තිබෙන දේශපාලන වර්ධනයන් හේතුවෙන් ගැටුම් සහ ප‍්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින්නැයි  ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරිය සඳහන් කර සිටින්නීය.

ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරිය නිකුත් කළ  නිවේදනයෙන් මෙසේ සඳහන් වේ.

‘‘නොබෝදා ඇති වූ දේශපාලන වාතාවරණයෙන් පසුව ප‍්‍රචණ්ඩකාරී සහ කලහාකාරී තත්ත්වයන් රට තුළ නිර්මාණය වීම වළක්වන ලෙස  ඕස්ටේ‍්‍රලියා රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.

‘‘ ඕස්ටේ‍්‍රලියාව ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු හැටියට මෙරට දේශපාලන වෙනස්වීම පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වමින් සිටිනවා.ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම වලට අනුකූලව පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවා මෙම ගැටලූ විසඳා ගැනීම සිදු කළ යුතුයි.

‘‘ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා ඔවුන් ගේ එම අයිතීන් ක‍්‍රියාත්මක කරන නියෝජිතයින්ට සෑම පාර්ශවයක්ම ගරු කළ යුතුයි.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS