ඔස්ට්‍රේලියානු රජයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා පුහුණු මධ්‍යස්ථානයක්



     

               

ඔස්ට්‍රේලියානු රජයේ මැදිහත් වීම මත මෙරට තුළ සෞඛ්‍ය කෙෂත්‍රයේ රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳව දෙරටෙහි අවධානය යොමු වී ඇත.
 
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හච්චසන් මහතා (Bryce Hutchesson) හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතර ඉකුත් 16 දා  විදේශ රැකියා අමාත්‍යංශයේදී මේ පිළීබඳ විශේෂ සාකච්ඡාවක් පැවත්විණී.

ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට සූදානම් බවත්,  සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ රැකියා සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීම හා සහතිකපත් නිකුත් කිරීම මෙම මධ්‍යස්ථානය හරහා සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් මෙම සාකච්ඡෘවේදී මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. 

මීට අමතරව ඔස්ට්‍රේලියාවට නීති විරෝධී සංක්‍රමණිකයින් පැමිණිම වැලැක්වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සතුටු වන බවත්, දැනට ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියානු නීති විරෝධී අයුරින් පැමිණිම අවම වී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. 

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ. ඔබේසේකර, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්‍ෂමන් අබේගුණරත්න, විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක, විදේශ රැකියා ඒජන්සියේ වැඩ බලන කළමණාකාරිණි චතුර්මා රණසිංහ යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ. 

  (විනීතා එම් ගමගේ)


RECOMMEND POSTS