උප ඒජන්තවරු සියලු දෙනා අත්අඩංගුවට ගන්නවා. තලතා අතුකෝරළ කියයි.



විදේශ රැකියා ක්ශේත‍්‍රයට අදාළව නීත්‍යාණුකූල නොවන අයුරින් උප ඒජන්තවරු ලෙස පෙනී සිටින (Sub Agent) පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට සූදානම් බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ කින්නියා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ශ‍්‍රමික සුරැුකුම ජංගම සේවා වැඩසටහන ආරම්භ කරමින් සදහන් කළාය.

මෙහිදී අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කළේ මීට ඉහතදී උප ඒජන්තවරු ලෙස පෙනී සිටිමින් රැකියාවන් සදහා කාන්තාවන් විදේශ ගත කිරීමට උප ඒජන්තවරු නීත්‍යාණුකූල නොවන අයුරින්  කටයුතු කර ඇති බවත් එම නිසා රැකියා සදහා විදේශ ගතවී විවිධ කරදර හා ගැටලූ වලට ලක්වූ පුද්ගලයින් ඉහළ ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බැවින් මෙම උප ඒජන්තවරු තහනම් කිරීමට තීරණය කර ඇති බව ය. 

එවැනි උප ඒජන්තවරු මගින් විදේශ ගත වී ගැටලූවක් ඇති වුවහොත් එහි  වගකීම විදේශ රැකියා අමාත්‍යංශයට භාර ගැනීමට නොහැකි බවත් උප ඒජන්තවරු අත්අඩංගුවට ගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් දී ඇති බවත්  සදහන් කළාය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදේශ ගත වන අය සම්බන්ධයෙන් කාර්යාංශයට වගකීමක් ගත නොහැකි බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කළාය.

සමාජයේ පැනනගින ගැටලූ අධ්‍යයනය කිරීමේදී වාර්තා වූයේ මව හෝ පියා විදේශගත වූ පවුල් වල දරුවන් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි නොයෙකුත් සමාජමය ගැටලූ ඇති වන බවත් විශේෂයෙන්ම  මව විදේශ ගත වී ඇති පවුල් සංඛ්‍යාව වැඩි බවත්, එම නිසා විගමණික පවුල වල දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තම අමාත්‍යංශය යටතේ ශ‍්‍රමික සුරැුකුම වැඩසටහන යටතේ දිවයිනේ සියලූම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත  සංවර්ධන නිළධාරීන්ට එහි වගකීම පවරා ඇති බවත් එහිදී විගමණික පවුල්විදේශවල දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප‍්‍රගති වාර්තාවක් මසකට වරක් අමාත්‍යංශයට සංවර්ධන නිළධාරීන් ම`ගින් ඉදිරිපත් කළ යුතු බවත් ඒ පිළිබදව තමන් පෞද්ගලිකව සොයා බලන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම අවස්ථාවට තිකුණාමලය දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අබ්දුල් මොහොමඞ්, කින්නියා ප‍්‍රාදේශීය ලේකම් එම්.ඒ අමාස් සහ විදේශ රැුකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් දීපා සන්නසූරිය මහත්මිය ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS