ඊශ‍්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සදහා ශ‍්‍රී ලාංකිකයෝ 22ක්



ඊශ‍්‍රායලයේ කෘෂිකාර්මික කෙෂත‍්‍රයේ රැකියා සදහා තවත් ශ‍්‍රී ලාංකිකයෝ 22 දෙනෙකුට  ඉකුත් දා ගුවන් ටිකටි පත් ප‍්‍රදානය කරනු ලැබිණි. 

මේ වසරේ ගත වු කාල සීමාව තුළ ශ්‍රී ලාංකිකයින් 201 දෙනෙක් ඊශ‍්‍රායලයේ රැකියා සදහා ගොස් ඇති අතර මේ සියලූ දෙනා යවා ඇත්තේ ශ්‍රීලංකා විදේශ රැකියා ඒජන්සිය මඟිනි.

විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය එරට බලධාරින් හමුවී කළ සාකච්ඡුා අනුව එරට වැඩිපුර රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයනට ලබාදීමට ඊශ‍්‍රායල රජය එකඟ වී තිිබේ. 

මේ අනුව ඊශ‍්‍රායලයේ රැකියා සදහා  වැඩිපුර පිරිසක් යැවිය හැකි වන බව කාර්යංශය කියයි. 

එරට රැකියා සදහා ගිය ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 59 දෙනෙකු එහි නීති විරෝධී ලෙෂ රැු`දී සිටින අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව ද කාර්යංශය කියයි.


විනීතා එම් ගමගේ
 
 

 


RECOMMEND POSTS