ඉරානයෙ ඉන්ධන සඳහා මෙරට තේ



ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සඳහා මෙරට තේ අපනයන හිලව් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසිනි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව ජගත් සංවිධානය විසින් ක්‍රියාත්මක කරන සම්බාධක හේතුවෙන් එරට සමඟ මූල්‍ය ගණුදෙනු සිදුකිරීම මේ වනවිට ගැටළුවක්ව පවති.

විශේෂයෙන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහි ජගත් සංවිධාන සම්බාධක දැඩි කළ යුතු බවට බලපෑම් සිදුකරන බව සඳහන්ය.

ශ්‍රී ලංකාව අපනයනය කෙරෙන තේවලින් වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නේ මැදපෙරදිග රටවල් විසින්. ඒ අතුරෙන් ඉරානය මෙරට තේ සඳහා ඉහළම මිලක් ගෙවන රටක් බව තේ කොමසාරිස් ජේ.කේ. එදිරිසිංහ කියා සිටී.

මේ නිසා ශ්‍රී ලංකාව ලබාගන්නා ඉන්ධනවලට සමාන වටිනාකමකින් යුත් තේ ඉරානයට යැවීමට කටයුතු කළ හැකියි. එහෙත් එය තවමත් යෝජනාවක් පමණක් වන අතර, අදාළ යෝජනාව ශ්‍රී ලංකා මහබැංකුව වෙත ෙයාමු කරන බවද ෙහෙතම කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS