ඉරාන ලංකා සබඳතා



ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා වර්ධනය කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසයි.

ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති මොහොඩ් ශරීෆ් අනීස්ගේ පත්වීම් ලිපිය භාරදීමේ අවස්ථාවේ දී ඉරාන ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම දෙරට අතර සංස්කෘතික විද්‍යාව සහ වෙළෙඳ ක්ෂේත්‍රයන්වල  සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ඉරාන ජනාධිපති පවසා ඇත.

තවද දෙරට අතර ද්වීපාර්ශික සහයෝගීතාව සඳහා නව වැඩපිළිවෙළක් ගොඩනැඟීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඒ අනුව වාණිජ බැංකු හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට ඉරාන ජනාධිපතිවරයා එකඟතාව පළ කර තිබේ.

ඉරාන අයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට මෙරට ආයෝජනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සුදානම් බැවින් ඒ සඳහා පහසුකම් සලසන ලෙස ඉරානයේ ශ්‍රී ලංකා නව තානාපති මොහොමඩ් ශරීෆ් අනීෆ් මහාතා ඉරාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS