ඉන්දු-ලංකා සබඳතා තවදුරටත් ඉහළට



පාර්ලිමේන්තු සබඳතා තුළින් ඉන්දු-ලංකා සබඳතා තවදුරටත් ඉහළට එසවීමට බලාපොරොත්තු වන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා පැවැසීය.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කතානායක කාර්යාලයේදී, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසෙමින් ඒ බව පැවැසීය.

මහ මැතිවරණයෙන් ලද ජයග්‍රහණයටත්, භාරදූර සහ ඉහළ පෙළේ ධුරයක් වන කතානායක ධුරයට පත්වීමත් සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ සහ ආණ්ඩුවේ ප්‍රමුඛතා සහ අවශ්‍යතා අනුව දෙරට අතර තිබෙන නානාවිධ සඳහා ශිෂ්ටාචාරගත සබඳතා මෙන්ම පාර්ලිමේන්තු හුවමාරු හා සබඳතා ජනතාව අතර සබඳතා, වෙළෙඳ සහ ආයෝජන සබඳතා මෙන්ම සංවර්ධන සහයෝගීතාව වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව ද ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහිදි කතානායකවරයාට දැනුම් දුන්නේ ය. 


RECOMMEND POSTS