ඉන්දියාවේ බලාපොරොත්තුව



ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව තම උපායමාර්ගික ලැදියාවන් ආරක්ෂා කරනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වනු බව එරට පුවත් වෙබ් අඩවියක් වන ‘ද ඉකනොමික්ස් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කළේය.

නව ආණ්ඩුව චීනයට ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථාපිත කිරීමට ඉඩ නොදීම සහ ඉන්දියාවේ මූල්‍ය ආධාර ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති නියමිත කාලයට ක්‍රියාත්මක කිරීම හා අවසන් කිරීම යනාදිය ඇතුළු  ඉන්දියාවේ උපායමාර්ගික අභිලාෂ හා ලැදියාවන් ආරක්ෂා කරනු ඇතැයි එම පුවතේ සඳහන්ව විය.

ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සහ බලශක්ති ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කරන බවත් ‘ද ඉකනොමික්ස් ටයිම්ස්’ ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද ඉන්දියාව ප්‍රමුඛත්වය දෙන ‘ද ඉකනොමික්ස් ටයිම්ස්’ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද ඉකනොමික්ස් ටයිම්ස්’ එම පුවත වාර්තා කර තිබිණි.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS