ආහාර ටොන් 584 ක් රටවල් තුනකට



ඒ අනුව ශ්‍රී ලංකා තේ මෙටි්‍රක් ටොන් 344 ක් තුර්කියට ද , මෙට්‍රික් ටොන් 220 ක් ඊජිප්තුවට ද අපනයනය කර ඇති අතර, ශීත කළ ආහාර මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කීරීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම්. අම්සා මහතා පැවසීය.

විදේශ අමාත්‍යාංශයේ ‘ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන’ , අපනයන සංවර්ධන මණ්ඩලය සහ තේ මණ්ඩලයේ සහයෝගයෙන් මෙම අපනයන සිදු කිරීමට හැකිවූ බද විදේශ කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කීය.

මෙම අමාත්‍යංශය විසින් කරන ලද මැදිහත්වීම් තුළින්, ඉකුත් අපේ්්‍රල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසය වන විට ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අභියෝගාත්මක තත්වයට පිළියම් ලෙස නව වෙළඳපොළවල්  සොයා ගැනීම මෙන්ම, ශ්‍රී ලංකාවේ තේ, රබර් සහ නැවුම් හා සැකසූ ආහාර වැනි අපනයන සඳහා වූ සාම්ප්‍රදායික වෙළඳපල නැවත අත්පත් කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බවත් විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා පෙන්වා දේ.

ඒ යටතේ පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ රබර් මත පදනම් වූ නව නිෂ්පාදනයන්ට අදාළ වූ වෙළඳපොළ ඉලක්ක යටතේ මුහුණු ආවරණ සදහා නව වෙළඳපොළ 12 ක් ද, ආරක්ෂිත ගවුම් සදහා නව වෙළඳපොළ 17 ක් ද, රබර් අත්වැසුම් සදහා නව වෙළඳපොළ 12ක් ද , අත් සනීපාරක්ෂක ද්‍රව්‍යය සදහා නව වෙළඳපොළ 12ක් ද වශයෙන් මේවන විට අපනයනයන් ක්‍රියාත්මක වන බවද පී.එම්.අම්සා මහතා කියා සිටී.

ඉදිරි කාලය තුළ දී ඉල්ලුම වැඩිවිය හැකි අපනයන ක්ෂේත්‍ර 15 ක් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර ඒ යටතේ පොල්, සැකසූ ආහාර, මුහුදු ආහාර, කුළුබඩු ද්‍රව්‍ය, සැපයුම් සේවා, මුද්‍රණ කටයුතු, පිඟන් සහ පෝසිලේන් භාණ්ඩ, ආයුර්වේද සහ ශාකසාර, ශරීර සුවතා නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය , ඉදිකිරීම් සහ බෝට්ටු හා නැව් තැනීම ආදී වූ ක්ෂේත්‍ර සඳහා නව වෙළදපොළවල් ඇති කර ගැනීමටද රජය කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

මෙම අපනයන කිරීම් හා නව අපනයන වෙළඳපොළවල් සකස් කීරීම සඳහා විදේශ සබදතා අමාත්‍යාංශය , විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා දූත  මණ්ඩල සහ පෞද්ගලික අංශය ද, ශ්‍රී ලංකන් ගුවන් සේවය එක් සිටිති.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS