ආපසු ගෙන්වාගෙන





ඩුබායි හි ගෘහාසේවයට ගොස් සිටියදී හාම්පුතුන්ගේ විවිධ තාඩන  පීඩනවලට ලක්ව සේවා ස්ථානයෙන් පැන ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින්  ප්‍රනාන්දු මහතා ගේ පෞද්ගලික මැදිහත් වීම මත මෙරටට ගෙන්වා ගෙන ඇත.

විදේශ රැකියා අමාත්‍යංශය බාර ගැනීමෙන් පසු අමාත්‍යවරයා කළ පළමු සංචාරය වන ඩුබායි සංචාරයේ දී මෙම කාන්තාව යළි මෙරටට ගෙන්වා ගත් බව කාර්යංශය කියයි.

මෙසේ යළි මව් රටට පැමිණ ඇත්තේ පොලොන්නරුව නිකපිටිය ගඟේ යාය පදිංචි කාරියක වන එම් ජී නෙලා සුරංජි වෙලේගොඩ නමැති කාන්තාවකි.

ඇය සැමියා මිය යාමත් සමඟ තම දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ගැන සිතා විදේශ ගතවී ඇති අතර ඇයට සේවයට ලැබුණු නිවසේ මාස දහයක් සේවය කර ඇති අතර එහිදී ඇයට විවිධ තාඩන පීඩනවලට මුහුණ දීමට සිදුව තිබේ. ඉන් මිදීමට බැරිමතැන එම  නිවසින් පැන ගොස් තානාපති කාර්යාලයේ පිහිට පතා ඇති ඇය එහි සිටියදී අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත මෙරටට පැමිණ ඇත.

අමාත්‍යවරයා ගේ පෞද්ගලික මුදලින් ඇය මෙරටට ගෙන්වා ගත් බව කාර්යංශය කියයි.    

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS