අල්තානි හමුව



විදේශ අමාත්‍ය  රවි කරුණානායක මහතා සහ කටාර් අග්‍රමාත්‍ය සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ෂීක් අබ්දුල්ලා බින් නසාර් බින් කලිෆා අල්තානී මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇතැයි ගල්ෆ් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය.

කටාරයේ දෝහා අගනුවරදී  මෙම සාකච්ඡාව පැවැති අතර සාකච්ඡාවේදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති අතර පොදු ගැටළු පිළිබඳව සාකච්ඡා කර තිබේ.විශේෂයෙන්ම  ශ්‍රී ලංකාව සහ කටාරය අතර පවතින ද්විපාර්ශික සබඳතා සම්බන්ධයෙන් දීර්ඝ කරුණු සාකච්ඡා කෙරී ඇතැයිද එම වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.

‍ෙගල්ෆ් අර්බුදයේ මෑත කාලීන වර්ධනයන් සහ කටාර්යට එරෙහිව අසල්වාසි රටවල් ගෙන ඇති නීතිවිරෝධි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී කටාර් බලධාරින් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතාව දැනුවත් කර තිබේ.

මේ අතර  කටාර් විදේශ අමාත්‍ය ෂීක් මොහොමඩ් බින් අබ්දුල්හර්මන් අල්තානී මහතා ද විදේශ අමාත්‍ය  රවි කරුණානායක මහතා මුණගැසී දෙරටේ තානාපති සබඳතා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර ඇති බව සඳහන්වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS