අබුඩාබි අවන්හලක පිපිරීමක්



අබුඩාබි නුවර අවන්හලක ඇති වූ පිපිරුමකින් එක් ලාංකිකයෙකු මියගොස් තවත් ලාංකිකයෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යෙයේ  නීති කටයුතු පිළිබද බලධාරීන් හා රෝහල් බලධාරීන් සමග ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ පවුල් වෙත අවශ්‍ය සහාය ලබා දීමට අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  කටයුතු කරන බව විදේශ සබදතා අමාත්‍යාංශය පැවසීය.

ඉකුත් අගෝස්තු 31 වැනිදා අබුඩාබි හි අවන්හලක පිපිරීමක් සිදුවූ අතර මෙම සිදුවීමේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ආපදාවට ලක් වී ඇති බවට තහවුරු නොකළ තොරතුරු ලැබුණු අතර ,මෙම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරුවල සත්‍යභාවය පිරික්සා තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු රෝහල වෙත ගොස් තොරතුරු සොයා බැලීමේදි මේ තොරතුරු තහවුරු වූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ වන විට මියගොස් සිටි අතර අනෙක් පුද්ගලයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් කීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාතර වැලිගම ,වරකාපිටිය ප්‍ර දේශයේ පදිංචි සමිත් රංගන නැමැති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකි.මොහු මීට වසර හයකට පමණ පෙර එරටට ගිය තරුණයෙකු බව පැවසේ.
 
මේ වන විටත් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය එක්ව එක්සත් අරාබි එමිර් රාජ්‍ය යේ  නීති කටයුතු පිළිබද බලධාරීන් හා රෝහල් බලධාරීන් සමඟ ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සදහා අවශ්‍ය සහාය ලබාදීම සඳහා  ඉතා සමීපව කටයුතු කරමින් සිටින බවද අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS