අපේක්ෂකයන්ට විකල්ප දිනයක්



දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොරියානු භාෂා පරීක්ෂණයට පෙනී සිටිය නොහැකි වූ අපේක්ෂකයන්ට විකල්ප දින ලබා දීමට කටයුතු කරන්නැයි කොරියානු මානව සම්පත් අංශය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇතැයි එම කාර්යංශය කියයි.

මේ අනුව නව දින ලබා ගැනීමට අදාලව කාර්යංශය විසින් නිකුත් කළ විශේෂ නිවේදනය කාර්්‍යංශ වෙබ් අඩවියේ සඳහන්ව ඇත.
විකල්ප දින ලබා ගැනීම සඳහා අයදුම්කරුවන් අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ද එහි සඳහන් වන බවත් අයදුම් පත්‍රයක් ද පිරවීමට ඇති  බවත් කාර්යංශය කියයි.

ලබා දී ඇති උපදෙස් අනුව අදාල අයදුම් පත්‍රය පුරවා ළඟම ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මධ්‍යස්ථානයට භාර දිය යුතු බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS