අනේවාසික ඉන්දියානුවන්ට අයඳුම්පත් කැඳවයි



ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන්ට සහ අනේවාසික ඉන්දියානුවන්ට එරට විශ්ව විද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමන ශිෂ්‍යත්ව සඳහා අයඳුම්පත් කැඳවා ඇත.

මෙම ශිෂ්‍යත්ව සඳහා සුදුම්කම් ලබා සිටින ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව සඳහා අයඳුම් කළ හැකි යැයි මෙරට  ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ඩයස්පෝරාවේ දරු දැරියන් සඳහා ඉන්දියාව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලද්දේ 2006-2007 වසරේදීය.

මේ අනුව ඉන්දීය සම්භවයක් සහිත සහ වෙනත් රටවල ජීවත්වන ඉන්දියානුවන්ට සඳහා මෙම අවස්ථාව හිමි වේ. මෛම ශිෂ්‍යත්වවලින් වෛද්‍ය සහ පරිපූරක වෛද්‍ය හැර අනෙකුත් වෘත්තීය සහ වෘත්තීය නොවන පාඨමාලා සඳහා මූල්‍ය සහයෝගය හිමි වේ. ශිෂ්‍යත්ව සඳහා අයඳුම් කළ හැක්කේ පළමු වසර සහ නවක සිසුන්ට පමණි. ඉන්දියාවේදී දෙවැනි පෙළ උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරු සිසුන්ට මේ සඳහා අයඳුම් කළ නොහැක. මෙම http://www.spdcindia.gov.in/login/guideline.php වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකි අතර අයඳුම් යොමු කළ හැකි අවසන් නොවැම්බර් මස 30 වේ.


RECOMMEND POSTS