අදට 111 යි !!



වැඩ කරන පැය ගණන අඩු කිරීම, හොඳ වැටුපක් ලබා දීම හා ඡන්ද අයිතිය ඉල්ලීම යන කරුණු මුල් කරගෙන 1908 වසරේ නිව්යෝක් නගරයේ දී කාන්තාවන් 15000 ක් එක්ව පාගමනක් පැවැත්වූහ.

අනතුරුව ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසිනි.

එය ජාත්‍යන්තර දිනයක් බවට  පත් කර ලද්දේ ක්ලාරා සෙට්කින් විසිනි. ඒ 1910 කෝපන්හේගන් හි පැවැති වැඩ රකන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ දීය.

රටවල් 17 කින් පැමිණ එම සමුළුවට සහභාගි වූ කාන්තාවන් 100 දෙනාම ඒකමතිකව එම යෝජනාව අනුමත කළහ.

 

ඒ අනුව මේ සමරන්නේ 111 වන ජාත්‍යන්තර කාන්තා දින සමරුවයි.

1975 දී එක්සත් ජාතින්ගේ සංගමය විසින්එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබිණි.

එම දිනය වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංගමය යෙදූ පළමු තේමා පාඨය වූයේ “අතීතය සමරමින් අනාගතය සැළසුම් කරමින් සිටිමු” යන්නය. මෙවර එහි තේමාව ලෙස තෝරාගෙන ඇත්තේ 'අභියෝගය තෝරා ගනිමු'  යන්නය.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS