7000 ක් ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන්



කොරෝනා වසංගතය පැතිරීමේ ඉහළම අවදානමට ලක්ව ඇති දැනට මාලදිවයිනෙන් නැවත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ලාංකික ශ්‍රමිකයින් 7000 ක පමණ පිරිසක් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. ඒ අතරින් 2000 කට ආසන්න සංඛ්‍යාවක් එරට මාලේ අගනුවර රැඳී සිටින බවද එම අමාත්‍යාංශය පෙන්වා දේ.

මාලදිවයිනේ සිටින මෙම  ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබදව මාල දිවයින් බලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී එම පිරිස් ශ්‍රී ලංකාවට පිටත් කර එවීමට පෙර,  ශ්‍රී  ලංකාව මගින් ලබා දුන් පීසීආර් (PCR) පරීක්ෂණ කට්ටල සහ වෛද්‍ය නිලධාරීන් භාවිතා කර එම පීසීආර් (PCR) පරීක්ෂණ සිදුකිරීමට මාලදිවයින් බලධාරීන් සමකැමැත්ත පළ කර ඇතැයි ද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

මේ වන විට  මාලදිවයින් රජය විසින් මාලේ අගනුවර තුළ රතු අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, විදේශීය රජයන්ගෙන් ඔවුන්ගේ පුරවැසියන් ඉවත් කර ගන්නා ලෙස පැහැදිලිවම ඉල්ලීමක් කර ඇති බවත් , ඒ අනුව ලාංකිකයින් පිරිස ගෙන්වීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ඉකුත් මැයි 14 වන දින, 284 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගෙන ඇති අතර, මාලේ අගනුවරට පිටත සිිටි හදිසි වෛද්‍ය තත්වයන් අවශ්‍ය වූ කිහිප දෙනෙකු එයින් ඉවත් කර ගැනීම විශේෂයෙන් ලබාගත්  අනුමැතියක් යටතේ සිදු කළ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS