52,401 ක් පැමිණීමේ බලාපොරොත්තුවෙන්



විදේශයන්හි රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂ 13ක් පමණ අතුරින් රටවල් 117ක වෙසෙන 52,401ක් මෙරටට පැමිණීමට ඉල්ලුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

එම පිරිස අතුරින් රටවල් 38 ක සිට 9580ක් දෙනෙක් මේ වන විටත් මෙරටට ගෙන්වා තිබෙන බව ද අමාත්‍යවරයා පවසා ඇත.

මෙම මාසය අවසන්වීම පෙර ශ්‍රී ලාංකිකයින්ට පැමිණිම සඳහා තවත් රටවල් 10 කට ගුවන් ගමන්වාර 10ක් සැලසුම් කර තිබෙන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ ආරක්‍ෂාව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය තානාපති කාර්යාල සමඟ අඛණ්ඩ සබඳතා පවත්වාගෙන යමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා පවසා ඇත.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS