2,12216 ක් විදේශගත වෙලා



ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 212216 දෙනෙක් ඉකුත් වසරේ විදේශ ගත වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

මේ පිරිස අතරින් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 139,274ක් වන අතර, කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණය 72942ක් බව ද එම කාර්යංශය පෙන්වා දෙයි.

ඉකුක් වසරේ විදේශ ගතවී ඇති ගෘහ සේවිකාවන් ප්‍රමාණය 56,109 ක්ි. එම වර්ෂයේ විදේශ ගතවූ ශ්‍රමිකයින් අතරින් 95059 දෙනෙකු පුහුණු ශ්‍රමිකයින් වන අතර, 61048 දෙනෙකු නුපුහුණු ශ්‍රමිකයින් වේ.

එම වර්ෂය තුළ වැඩිම පිරිසක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යට වේ. එම ප්‍රමාණය 56,650කි. සෞදි අරාබියට රැකියාව සඳහා ගොස් ඇති ශ්‍රමිකයින් ප්‍රමාණය 37,957කි. කුවේට් රාජ්‍යයට රැකියාව සඳහා ගොස් ඇති ප්‍රමාණය 37,418කි. ඩුබායි රාජ්‍යය සඳහා ශ්‍රමිකයින් 36,657 දෙනෙකු රැකියාව සඳහා ගොස් ඇති අතර, දකුණු කොරියාවේ රැකියාව සඳහා ශ්‍රමිකයින් 5805 දෙනෙකු පිටත්ව ගොස් ඇතැයි ද විදේශ සේවා නියුක්ති කාර්යංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS