15 වැනිදා වනවිට ආපසු එන්න ඕනෑ



දේශපාලන පත්වීම ලැබ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල  තානාපති ධූරයන් හි කටයුතු කරන රාජ්‍යතාන්ත්‍රිකයින්ට සියලු දෙනාම ලබන 15 වැනිදා වනවිට යළි දිවයිනට පැමිණිය යුතු බවට විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුම් දී ඇත.

එම තානාපතිවරුන්ට එදින වන විට  වහා දිවයිනට පැමිණෙන ලෙස දැනුම් දෙමින් අමාත්‍යවරයා මේ වනවිටත් ලිපි යවා ඇතත් , දේශපාලන පත්වීම ලැබී ඇතැම් තානාපතිවරුන් එම ලිපි සිය තානාපති කාර්යාල මණ්ඩල සාමාජිකයින් ගෙන් සඟවමින් තවදුරටත් එම තානාපති ධූරවල කටයුතු කිරීමට කටයුතු කිරීමට උත්සාහ කරමින් සිටින බවද විදේශ සබඳතා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් තානාපතිවරුන් කිහිපදෙනෙකු තමන් නැතිව තානාපති කාර්යාල පවත්වා ගෙන යා නොහැකි බව අඟවමින් තමන් තවත් කාලයක් එම තානාපති ධූරවලය කටයුතු කිරීමට අවස්ථාව දෙන ලෙසටද විදේශ සබඳතා අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇතැයිද එම අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.

මේ වනවිට ඉන්දියාව, රුසියාව, ඕස්ටේ්‍රලියාව, දකුණු අප්‍රිකාව, ජපානය, චීනය, නෝර්වේ, ප්‍රංශය, ඉතාලිය සෞදි අරාබිය, කටාරය, මාලදිවයින, පකිස්ථානය, මියන්මාරය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්ථානය, පලස්තීනය, කෙන්යාව, ඉරානය යන රටවල තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් ලෙස කටයුතු කරමින් සිටිනුයේ පසුගිය රජය යටතේ දේශපාලන පත්වීම් ලැබූවන්ය.

මෙම පිරිස පැවති රජය විසින් පත් කර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත වන අතර ඔවුන් අතරින් ඇතැම් තානාපතිවරුන් පසුගිය ජනාධිපතිවරණ සමයේදී ෆේස්බුක් සමාජ ජාලා ඔස්සේ දේශපාලන ප්‍රචාරණ කටයුතු වල නිරත වූයේ යැයි චෝදනා එල්ල වී සිටිති.

දේශපාලන පත්වීම් ලැබ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ පිරිස් යළි කැඳවීමෙන් අනතුරුව ඒ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් කඩිනමින් පත් කරන බව අමාත්යත දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS