ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට ශිෂ්‍යත්ව



අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාව විසින් පිරිවෙන් අවසාන විභාගයේ ඉහළම ලකුණු ලැබූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් සිදු කරන ලදී. එම ශිෂ්‍යත්ව සඳහා වියට්නාමයේ Thich Phuoc Ngoc භික්ෂුන් වහන්සේ විසින් අනුග්‍රහය දක්වන ලදී.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ හිටපු අමාත්‍ය පියසේන ගමගේ යන අමාත්‍යවරු සහභාගි වූහ. මෙම අවස්ථාවේදී Thich Phuoc Ngoc හිමියන්ට '' international Envoy to Sri Lanka Government Buddhist Commendation Committee" යන තනතුරු නාමය ප්‍රදානය කිරීම ද සිදු කෙරුණි.


RECOMMEND POSTS