බීමතින් රිය පදවලා



අධික බීමතින් රිය පැදවූ ශ්‍රී ලාංකිකයෙකු කුවේට් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන අල් රායි පුවත්පත් අද (10) වාර්තා කළේය.

එරට කින්ග් ෆාද් බින් අබ්දුල් අසීස් මාර්ගයේ මෙලෙස රිය පදවමින් සිටියදී මෙම ලාංකිකයා අත්අඩංගුවට පත්ව ඇත.

කුවේට්යේ අභ්‍යන්තර කටයුතු පිළිබද අමාත්‍යාංශයේ උපදෙස් මත එරට පොලීසිය විසින් නොසැලකිලිමත්කමින් රිය පදවන රියදුරන් ඇල්ලීමට දියත් කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් පසුව මෙම ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයාගේ නම් ගම් හෙළිදරව් කර නොමැති අතර ඔහුව පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී ඔහු වෙතින් අධික මැත්පැන් ගඳක් වහනය වූ බවද එම වාර්තාවේ දැක්වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS