සමථකරණ එකඟතා ගිවිසුමක්



එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළඳ  නීතිය පිළිබද කොමිසම හා සිංගප්පුවේ නීති කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එරට ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වූ ‘මැදිහත්වීම පිළිබඳ සිංගප්පූරු සම්මුති සමුළුවේදී’ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අන්තර්ජාතික සමථකරණ එකඟතා ගිවිසුමට අත්සන් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්ජාතික සමථකරණ එකඟතා ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තැබූ බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළඳ  නීතිය පිළිබද කොමිසම හා සිංගප්පුවේ නීති කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එරට ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වූ “මැදිහත්වීම පිළිබඳ සිංගප්පූරු සම්මුති සමුළුවේදී ” ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පසුගිය දා (7) ඊට අත්සන් තැබුවාය.

එක්සත් ජාතින්ගේ සංවිධානය අදාළ සම්මුතියට එළඹුනේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ශ්‍රී ලංකාවත් මෙම ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ රටවල් 46ක් මේවන මෙම සම්මුතියට අත්සන් තබා ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමත් සමග රටවල් දෙකක් අතර ඇති වන වාණිජ ගිවිසුම්වලදී මතුවන ආරවුල් සමථකරණය හරහා විසඳා ගැනීමට හැකියාව මෙරටට ලැබෙන බවද සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ගිවිසුම අත්සන් කර ඇති රටවලට වෙනත් රටවල් සමග ඇති වන වාණිජ ආරවුල් අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ක්‍රමවේදයක් තුළ සමථකරණයෙන් විසඳාගත හැකියි.
මෙම ගිවිසුම් අස්සන් කිරීමේ අවස්ථාවට සහ එම සමුළුවට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සශිකලා ප්‍රේමවර්ධන , සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය උපදේශක නෙවිල් කරුණාරත්න , ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රොෂානි හෙට්ටිගේ යන මහත්ම මහත්මීන් ගෙන යුතු දූත පිරිසක් එක්වූහ.

ගිවිසුමට අත්සන් කිරීමට සිංගප්පුරුවට පැමිණි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ  සහ එරට සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය ඩෙස්මන්ඞ් ලී  මහතා අතර හමුවක්ද පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා සිංගප්පුරුව අතර පවතින වෙළඳ සංස්කෘතික හා අධිකරණමය සහයෝගිතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව එහිදී අදහස් හුවමාරු කර ගෙන ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS