ශ්‍රමිකයන්ගේ බදු එපා



ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු කිසිවක් අය නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.

ජාතික ආර්ථීක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්  ව තිබෙන අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනු ලැබි ඇත

මංගල සමරවීර, මහින්ද සමරසිංහ, අර්ජුණ රණතුංග, රංජිත් සියඹලාපිටිය, කබීර් හෂීම් යන අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හා එම සභාවේ අදාළ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එහිදී භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළඳුන් අසීමිත ලාභයක් ඉපැයීම හේතුවෙන් සිදුවන අහිතකර බලපෑමෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

ශ්‍රි ලංකාවේ විදේශ සංචිත වර්ධනය කරගැනීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ආනයන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්තියේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

එමෙන්ම අපනයන ප්‍රවර්ධනය සදහා වැඩි සහන ලබාදීමට හා දිරි ගන්වන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද  සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු මුදලක් අයකිරීමකින් තොරව එම මුදල් සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාව සැලසීමට එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS